Life
රෝග රැසක් මට්ටු කරන ලෙමන්
පැඟිරි පවුලට නෑකම් කියනු ලබන ලෙමන් මගින් ලැබෙන ප්රයෝජනයන් අති මහත් යැයි පැවසීම මුසාවක් නොවේ. ලෙමන් යනු සාමාන්‍යයෙන් අප වැඩිපුර භාවිතා නොකරන දෙයකි. Citrus Limon යන උද්භිත නාමයෙන් හඳුන්වන ලෙමන් ඉමිහිරි පානයක් ලෙසද හඳුන්වා දිය හැක. ඇඹුල් රසැති වීමම මෙහි විටමින් සී බහුල බවට සාක්ෂියකි. එමගින් ශරීරයේ ෙසෙලවල නිසි වර්ධනයටත් නිරෝගීභාවයටත් මෙන්ම ප්රතිශක්තිකරණයටද ඉමහත් වැදගත් පලතුරකි ලෙමන්.
ලෙමන් පානය මගින් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනයන් මෙන්ම පීනසද නැතිකර ගත හැකිය.
අධික තරබාරු දරුවන්ට මෙන්ම ස්ථූලතාවයටද ලෙමන් යුෂ පානය ඉතාමත් හිතකරය. මෙමගින් ශරීරයේ අනවශ්‍ය තෙල් තට්ටුව දිය වී හැඩැති සිරුරකට හිමිකම් කිව හැකි වේ.
ගල්තැලුම් සඳහා ලෙමන් යුෂ ආලේප කිරීම සුදුසු වේ. එමගින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
වකුගඩු ආශ්රිත ගල් සඳහා ලෙමන් යුෂ එක්කළ වතුර වීදුරුවකට සීනි, ලුණු එක්කර පානය කිරීම මගින් එම රෝගය පාලනය කරගත හැකි වේ. එලෙසම මුත්‍රා දැවිල්ල, මුත්‍රා ආසාදනයන්ටද ලෙමන් පානය හොඳ ඖෂධයකි.
මලපහ සමග රුධිරය පිටවීම, ගුද මාර්ගයේ ලේ ගෙඩි හටගැනීම, නිතර කේන්ති යෑම ආදී රෝග ලක්ෂණයන්ට දිනකට ලෙමන් යුෂ වීදුරුවක් පානය කිරීම වටින්නේය. එමගින් අර්ශස් රෝගයද පාලනය වේ.
නිය පහරක් වැදුනද තදින් සම ස්පර්ෂ කල අවස්ථාවකදී ඉදිමී එනවා ඇතැම්විට ඔබ දැක ඇත. මෙහිදී සිදුවන්නේ සමට යටින් ඇති සියුම් කේශනාලිකා කුඩා තෙරපීමකින් උවද සිඳී යයි. මෙම තත්ත්වය වැළැක්වීමට දිනකට වරක් ලෙස සතියක් එක දිගටම ලෙමන් යුෂ පානය වැදගත් වේ.
ඊට අමතරව කුසගින්න වැඩි කිරීමට, යටි පතුල් පැළීම නැතිකිරීමට, ආහාර ජීරණය පහසු කිරීමට, අධි රුධිර පීඩනය ආදී රෝග රැසකට ලෙමන් මහානර්ඝ ඖෂධීය ගුණයෙන් යුතු පලතුරකි.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks